අඩ සියවසකටත් වැඩි කාලයක් තිස්සේ නාට්‍ය නිෂ්පාදක වරයකු.ගීත,නව කතා.කෙටි කතා රචකයකු,චිත්‍රපට තිරනාටක හා දෙබස් රචකයකු සිනමා විචාරකයකු සේම පුවත්පත් කලාවේදියෙක් සහ ජ්‍යෙෂ්ඨ කතුවරයෙකු ලෙස කලා සහ මාධ්‍ය ක්ෂේත්රයේ විවිධ භූමිකා නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පිලිප් ඩී. කරුණාරත්න මහතා (85) ඊයේ (22) අභාවප්‍රාප්ත විය.ඒ මහතාගේ දේහය මේ වන විට පන්නිපිටිය, පරණ පාරේ, අංක 53/1 නිවෙසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (24) බදාදා සවස 5.00ට පන්නිපිටිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.