එළැඹෙන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත රජය මඟින් ප්‍රකාශයට පත් කොට ඇති “ශ්‍රී ලාංකීය දින උත්සවය” නිමිති කොට මධ්‍යම සංස්කෘතික අරමුදලේ බටලීය ජාතික අනු රූ පාසල මගින් පවත්වන ජාතික අනුරූ ප්‍රදර්ශනය ලබන දෙසැම්බර් මස 12,13,14 යන දිනයන්හී දී කොළඹ ජාතික කෞතුකාගාර භූමියේ ලක්සල ගොඩනැගිල්ලේ දී පැවැත්වෙන අතර ඒ සඳහා බටලීය ජාතික අනුරූ පාසලේ කාර්ය මණ්ඩලය ඉතාමත් සහයෝගයෙන් හා කැපවීමෙන් මේ දිනවල ඒවායේ නිමැවුම් කටයුතුවල නිරත වෙති. ජාතික හා සංස්කෘතික අගයකින් යුතු කලා කෘතීන් හි නියමිත ප්‍රමිතියෙන් යුතු අනු රූ මෙහි දී අලෙවි කෙරෙනු ඇත.