ට්‍රම්ප් ගේ ප්‍රකාශයට ඩෙන්මාර්ක අගමැතිනියගෙන් ක්ෂණික ප්‍රතිචාර

ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ පාලනය යටතට ගැනීමට ඇති තම අභිලාෂය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් ප්‍රකාශ කර ඇති අතර මෙම ප්‍රකාශය හේතුවෙන් ඩෙන්මාර්කයේ සහ ග්‍රීන්ලන්තයේ නායකයින් දැඩි කෝපයට පත්ව තිබේ. මීට පෙර ද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ආරක්ෂක උපාය මාර්ගික කටයුතු වෙනුවෙන් ඇමෙරිකාවට ග්‍රීන්ලන්තය අත්‍යවශ්‍ය බවයි.ට්‍රම්ප්ගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් ඩෙන්මාර්ක අගමැතිනී මෙටේ ෆ්‍රෙඩ්රික්සන් පවසා ඇත්තේ ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම පිළිබඳ ඇමෙරිකාවේ අදහස සම්පූර්ණයෙන්ම හාස්‍යජනක සහ නොවටිනා කතාවක් බවයි. ඩෙන්මාර්ක රාජධානියට අයත් කිසිදු භූමියක් බලහත්කාරයෙන් ලබා ගැනීමට ඇමෙරිකාවට කිසිදු අයිතියක් නොමැති බව අවධාරණය කළ ඇය, තම සමීපතම මිත්‍ර රටකට එරෙහිව තර්ජනය කිරීම නතර කරන ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියාය. ග්‍රීන්ලන්තයේ ජනතාව තමන් විකිණීමට සූදානම් නොමැති බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවද අගමැතිනිය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

කාලීන පුවත්