ඩෙංගු මර්දනයට ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සහාය

දිවයින පුරා පැතිර යන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ ඊට එරෙහිව ක්‍රියා කිරීමේ ජාතික ශක්‍යතාව වර්ධනය කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය හා එක්ව විශේෂ “මහජන සෞඛ්‍ය පලිබෝධ පාලන සහ වාහකයන් මගින් බෝවන රෝග මර්දන වැඩසටහනක්” ආරම්භ කර තිබේ.

අමෙරිකානු OHDACA (Overseas Humanitarian, Disaster, and Civic Aid) වැඩසටහන යටතේ මූල්‍ය ප්‍රතිපාදන හිමිවන මෙම ව්‍යාපෘතිය මගින්, අමෙරිකානු පැසිෆික් හමුදාවේ (USARPAC) සහ 18 වන තියටර් මෙඩිකල් කමාන්ඩ් හි නිවාරණ වෛද්‍ය විද්‍යාව, කෘමි විද්‍යාව, රෝග නිරීක්ෂණ සහ සමග්‍රාමී මදුරු මර්දන විශේෂඥයින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නිලධාරීන් සමඟ තාක්ෂණික දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට නියමිතයි.

කොළඹ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරණ සහ පූර්ව අනාවැකි පදනම් කරගත් වැළැක්වීමේ ක්‍රමවේදයන් තවදුරටත් ශක්තිමත් කෙරෙයි.

මෙරට අමෙරිකානු තාවකාලික රාජ්‍යතාන්ත්‍රික භාරකාර (Chargé d’Affaires a.i.) ජේන් හවල් (Jayne Howell) සඳහන් කළේ, මෙම හවුල්කාරිත්වය මගින් වර්තමාන ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට මෙන්ම ඉදිරියට එන මහජන සෞඛ්‍ය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට තිරසාර ශක්තියක් ලැබෙන බවයි.

කාලීන පුවත්