අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් 2021 වසරේ දී සිදු කළ කතාවක අදහස් විකෘති වන අයුරින් සංස්කරණය කර විකාශනය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ බීබීසී මාධ්‍ය ආයතනයෙන් ඩොලර් බිලියන පහක වන්දියක් ඉල්ලා ලබන සතියේ නඩු පවරන බව ප්‍රකාශ කොට තිබේ.ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී මාධ්‍ය ආයතනය ජනාධිපතිවරයාගෙන් සමාව ද ඉල්ලා ඇති පසුබිමක ය.එමෙන්ම එම සිදුවීම මුල් කොට බීබීසී මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානී යන දෙදෙනාම පසුගියදා ඉල්ලා අස් වී තිබේ.