තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මේ වන විට දිවයිනට බල පෑ හැකි තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට තිබේ.එම නිවේදනයේ සඳහන් වනුයේ කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔම්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55-60ක් දක්වා වැඩි විය හැකි බවය.ඒ සමගම එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.මේ හේතුවෙන් ධීවරයින් සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධව දැනුවත් වන ලෙසත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කාලීන පුවත්