තැපැල් සේවකයකයන් අතිකාල දීමනා වංචාකාරී ලෙස ලබා ගන්නා බවට තැපැල්පතිවරයා සිදු කළ ප්රසිද්ධ ප්රකාශය මඟින් තැපැල් සේවකයන්ගේ තනතුරේ ගරුත්වය කෙළසීමට කටයුතු කිරීමට විරුද්ධත්වය පළ කිරීම පිණිස ලෝක තැපැල් දිනය යෙදී තිබෙන අද (09) දින තැපැල් සේවකයකයන් කළු පටි පැළඳ රාජකාරියට වාර්තා කොට ඇති බව වාර්තා වේ. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්රධාන ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා ප්රකාශ කරනුයේ තැපැල්පතිවරයාගේ එම ප්රකාශයට විරුද්ධව නීතිමය ක්රියාමාර්ග ද ගන්නා බවකි.