ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන් අතරිනුදු මුල් තැනක් හිමි කර ගත් ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතා අද(13) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.කෙටි කලක් රෝගාතුරව සිටි ඒ මහතා සිය දිවි සැරිය නිම කරන විට 81 වන වියෙහි පසුවිය.ශ්‍රී ලංකාවේ සේම ජාත්‍යන්තරය තුළත් වඩාත්ම ගෞරවයට ලක් වූ ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන ඉක්බල් අතාස් මහතා ආරක්ෂක විශ්ලේෂකයෙකු ලෙස ද දිගු කාලයක් කටයුතු කළේය.ජාතික ආරක්ෂාව,රාජ්‍ය පාලනය,දේශපාලන බලය සහ සමාජයට බලපාන සංවේදී කරුණු ඔහුගේ ගවේෂණ වල ප්‍රධාන මාතෘකා වූ අතරබොහෝ දෙනා කතා කිරීමට බිය වූ විෂයයන් ගැන සාක්ෂි, තොරතුරු සහ විශ්ලේෂණ මත නිර්භීතව කතා කිරීම ඉක්බාල් අතාස් මහතා ජාත්‍යන්තර අවධානයට යොමු වූයේ තුවක්කුවට වඩා පෑන බලවත් බව ප්‍රකට කළ අභීත මාධ්‍යවේදියකු ලෙසිනි.ඉක්බාල් අතාස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ දෙහිවල ජුම්මා මස්ජීද් දේවස්ථාන සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත අතර ඒ මහතාගේ දේහය, අද පෙරවරු 9.00 සිට දෙහිවල, හිල් වීදියේ, සිරිවර්ධන පාරේ අංක 11C/1 දරණ ස්ථානයේ අවසන් ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර තිබේ.