ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිෂන් සභාවේ නව සභාපති වරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා පත් කර ඇත. රත්ගම දේව පතිරාජ විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන ලංකාපුර කොළඹ සරසවියේ උපාධිධාරියෙකි.විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක සේවය කළ දයා ලංකාපුර මහතා මෙරට ප්‍රධාන පුවත්පත් ආයතන කිහිපයක විවිධ තනතුරු දරමින් දශක හයක පමණ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කොට තිබේ.තොරතුරු කොමිසමේ නව සභාපතිවරයා ලෙස දයා ලංකාපුර මහතා හෙට (11) පෙරවරුවේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.