දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර මහතා අද(16) අළුයම අභාවප්‍රාප්ත වී තිබේ.ඒ රෝගී තත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.මිය යන විට ඒ මහතා 62 වියේ පසුවූ අතර මිය යන විට ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකි.මෙම තනතුර හෙබවීමට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු සහ ගාල්ල මාතර හම්බන්තොට හා වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයෙකු මෙන්ම රජයේ ආයතන කිහිපයක ප්‍රධාන තනතුර ඇතුළු තනතුරු කිහිපයක් දරා ඇති ඒ මහතා වඩාත් සංවිධිත රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැප වී ක්‍රියා කළ රාජ්‍ය නිලධාරියකු ලෙස ප්‍රකට ය.ඒ මහතා දෙදරු පියෙක් ද වේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

කාලීන පුවත්