
අධ්‍යාපන හැකියාව සම්බන්ධයෙන් බලන විට එක් එක් දරුවන් ගේ එය එකිනෙකට වෙනස් ය. සමහර දරුවන් ඉගෙනීමට දක්ෂ නැත. තවත් සමහර දරුවන් දක්ෂතාවය තිබුණත් උනන්දුව අඩු ය. මේ කුමක් වුවද එහි අවසන් ප්‍රතිඵලය වන්නේ දරුවා අධ්‍යාපනයේ දී පසුගාමී වීම ය.
දරුවන් තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවන හේතු බුද්ධි වර්ධනයේ ගැටලු, ඩිස්ලෙක්ෂියා (Dyslexia ) මානසික ආබාධය වැනි විශේෂිත ඉගෙනුම් අපහසුතා, අවධානය යොමු කිරීමට නොහැකි විවිධ තත්ත්වයන්, අනවශ්‍ය ලෙස බිය ඇතිවන විශාදය (depression ), කාංසාව (Anxiety ) වැනි මානසික ආබාධ, සමාජ කුසලතාවල අඩුපාඩු, පාසලේ දී නිසි උත්තේජනයක් නොමැති වීම වැනි හේතු රාශියක් මෙහිදී දක්වන්නට පුළුවන.
අධ්‍යාපනය පමණක් නොව වෙනත් ඕනෑම කටයුත්තක් වුවද සාර්ථකව කරගන්නට නම් ඒ පිළිබඳ උනන්දුව, උත්සාහය, දිගින් දිගටම අඛණ්ඩව කරගෙන යාමේ හැකියාව යන මේ කරුණු අත්‍යවශ්‍ය වේ. බුද්ධි මට්ටම (IQ) ඉහළ තලයක තිබෙන දරුවෙකුගේ වුණත් මේ කියූ කරුණු තුන නොමැති නම් ඒ දරුවාට සාර්ථකව ඉගෙනීම් කටයුතු කරගෙන යාම අපහසු වනු ඇත.
විශේෂිත වූ ඉගෙනුම් අපහසුතා Specific learning difficulties යනුවෙන් හඳුන්වන මේ ගණයට අයත් දරුවන්ට කියවීමේ ප්‍රශ්න, අක්ෂර වින්‍යාසය සම්බන්ධ ප්‍රශ්න, ගණිත ගැටලු විසඳීමේ ප්‍රශ්න වැනි ගැටලු බොහෝවිට ඇති වේ. නමුත් මේ දරුවන් මන්ද මානසික ලෙස වරදවා වටහා ගත යුතු නැත. ඔවුන්ගේ බුද්ධිය අනෙකුත් සාමාන්‍ය දරුවන්ගේ මට්ටමේම පවතී. මේ තත්ත්වය දෙමාපියන් සහ ගුරුවරුන් වටහා නොගැනීම නිසා කොයි තරම් කියාදුන්නත් මතක නොමැති බව කියමින් දඬුවම් කිරීම, අදක්ෂයකු ලෙස කොන් කිරීම වැනි දේවල් සිදු කරනු දැකිය හැකිය.
විශේෂිත වූ ඉගෙනුම් අපහසුතා Specific learning difficulties යනුවෙන් හඳුන්වන මේ ගණයට අයත් දරුවන්ට කියවීමේ ප්‍රශ්න, අක්ෂර වින්‍යාසය සම්බන්ධ ප්‍රශ්න, ගණිත ගැටලු විසඳීමේ ප්‍රශ්න වැනි ගැටලු බොහෝවිට ඇති වේ. නමුත් මේ දරුවන් මන්ද මානසික ලෙස වරදවා වටහා ගත යුතු නැත. ඔවුන්ගේ බුද්ධිය අනෙකුත් සාමාන්‍ය දරුවන්ගේ මට්ටමේම පවතී. මේ තත්ත්වය දෙමාපියන් සහ ගුරුවරුන් වටහා නොගැනීම නිසා කොයි තරම් කියාදුන්නත් මතක නොමැති බව කියමින් දඬුවම් කිරීම, අදක්ෂයකු ලෙස කොන් කිරීම වැනි දේවල් සිදු කරනු දැකිය හැකිය.
වැඩිහිටියන් එවැනි කොන්කිරීම් කරන විට සහ දඬුවම් කරන විට එම දරුවන් තදබල මානසික පසුබෑමකට ලක්වනු ඇත. මේ හේතුව නිසා සමාජ සම්බන්ධතා ගොඩ නගා ගැනීමේ දී අඩුපාඩු සිදුවිය හැකිය. එය දරුවාට අතිශය පීඩාකාරී තත්ත්වයකි. නිසි ලෙස මෙය හඳුනා ගෙන මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදුන්නොත් පසුකාලීනව දරුවා තුළ චර්යා ප්‍රශ්න, පෞරුෂ වර්ධනයේ ප්‍රශ්න, මානසික රෝග ආදිය හට ගැනීමට ප්‍රබල හැකියාවක් ඇත.
එසේ නම් කළ යුත්තේ කුමක්ද?
මුලින්ම යම්කිසි දරුවකු පහත දැක්වෙන අපහසුතාවන්ගෙන් පෙළෙන්නේදැයි විමසිලිමත් වන්න.
ඉගෙන ගන්නා දෙය තේරුම් ගැනීමේ අපහසුව, ඉගෙන ගන්නා දෙය ධාරණය කර ගැනීමේ අපහසුව, ගණිත ගැටලු විසඳීමේ අපහසුව, කියවීමේ සහ ලිවීමේ යම් යම් අපහසුකම්, තම ඉගෙනීමේ කටයුතු නිසි ලෙස සංවිධානය කර ගැනීමේ අපහසුව
මෙවැනි අපහසුතාවන්ගෙන් පෙළෙන දරුවකු තමන්ගේ පංතිය තුළ සිටින්නේ නම් ඒ පිළිබඳව දරුවාගේ දෙමාපියන් දැනුවත් කිරීම ගුරුවරයාගේ ද වගකීමකි. එවැනි දරුවෙකු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට හෝ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත පෙන්වා නිසි ප්‍රතිකාර ලබාදීම ඉතාමත් වැදගත් ය. සමහර විට මේ දරුවන්ගේ අනෙකුත් ක්‍රියාකාරකම්වල ද යම් යම් ගැටලු තිබිය හැකිය. නිදසුන් ලෙස පෑන නිසි ලෙස අල්ලා ගැනීමට නොහැකි වීම, තමන්ගේ සපත්තුවේ ලේස් පටිය ගැටගසාගත නොහැකි වීම වැනි දෑ දක්වන්නට පුළුවන.
අවධානය යොමු කිරීමේ ගැටලු සහ අධි ක්‍රියාකාරීත්වය
මෙය A.D.H.D. ( Attention deficit hyperactivity disorder ) රෝගය ලෙස මනෝ වෛද්‍ය විද්‍යාවේ හඳුන්වයි.
මේ රෝගය ගැන කතා කරන්නට පෙර මේ රෝගයට අයිති නොවන දේවල් ගැන මුලින්ම කතා කරමු.
ඉගෙනීමේ දී අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් යම් පසුබෑමක් තිබෙන්නේ නම් ඊට වෙනත් හේතු ද තිබිය හැකිය. අධික මහන්සිය, තෙහෙට්ටුව, පාඩම නීරස වීම, ගුරුවරයා ප්‍රිය නොවීම, ගුරුවරයා උගන්වන ආකාරය සිත් ගන්නා සුළු නොවීම වැනිදෑ මෙන්ම කාංසාව විශාදය වැනි ආබාධ, අපස්මාර වැනි රෝග සඳහා දිගින් දිගටම ගන්නා ඇතැම් ඖෂධ වර්ග සහ වෙනත් ශාරීරික තත්ත්වයන් නිසාත් අවධානය යොමු කිරීමේ ගැටලු ඇති විය හැකිය.
දැන් අපි A.D.H.D. රෝගයේ ලක්ෂණ සොයා බලමු.
දරුවා තුළ දැඩි නොසන්සුන් බවක් පැවතීම, අධික ක්‍රියාකාරී බව (නිදසුනක් ලෙස ටික වෙලාවක්වත් එක තැන එක ඉරියව්වෙන් සිටීමේ අපහසුව), අධික කලබලකාරී ගතිය, කිසි දෙයකට නිසි අවධානයක් තබා ගැනීමට නොහැකි වීම, ආවේග පාලනය කර ගත නොහැකි වීම, කිසිදු කටයුත්තක දී තමන්ගේ වාරය එනතුරු බලා සිටීමේ හැකියාවක් නොමැති වීම, කිසිම වැඩක එක දිගට නිරතවීමේ හැකියාවක් නොමැතිකම නිසා කිසිදු වැඩක් අවසානය වනතුරු කරන්නට නොහැකි වීම, එක වැඩක් අවසන් නොකර තව වැඩකට යොමු වන ස්වභාවය, දුරදිග නොසිතා හදිසියේම කලබලකාරී ලෙස වැඩ කිරීමට පෙළඹීම, නිතර ඉක්මනින් තරහ යාම, කලහකාරී ගතිය වැනි ලක්ෂණ බොහොමයක් මෙහි දී දක්වන්නට පුළුවන.
මෙවැනි ලක්ෂණ ආරම්භ වන්නේ දරුවාගේ වයස අවුරුදු 2, 3, 4 වැනි කාලවල සිටම ය. බොහෝ දෙමාපියන්ට මේ පිළිබඳ හරි වැටහීමක් නැති බැවින් ඔවුන් සිතන්නේ තමන්ගේ දරුවා දඟකාරයකු බවයි. පෙර පාසල් වියේ දී මේ ගති ලක්ෂණ තවත් වැඩිවේ. ඒ කාලයේදීත් ප්‍රතිකාරයක් නොකළොත් යොවුන් වියේදීත් මේවා දිගින් දිගටම පවතිනු ඇත. ඉන්පසු වැඩිහිටි වයසේදීත් මේවා නැති නොවේ.
මේ ලක්ෂණ ඇති දරුවන්ට ඉගෙනීමේ අපහසුතා තදින්ම පවතී. කියවීම, කථනය සහ වෙනත් ක්‍රියාකාරකම්වල අපහසුතා තිබෙන අතර සමූහ ක්‍රියාකාරකම්වල යෙදීමට නොහැකිය. අනෙකුත් අය සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමේ ප්‍රශ්න මතුවේ. මෙවැනි දේවල් සමඟ නොයෙකුත් මානසික සංකූලතා මෙන්ම මානසික රෝග ද හට ගැනීමේ හැකියාවක් ඇත.
A.D.H.D. රෝගය හටගැනීමට ජානමය බලපෑම් ද හේතු විය හැකිය. මොළයේ සමහර කොටස්වල ක්රියාකාරීත්වයේ ගැටලු තවත් හේතුවකි. මෙවැනි ලක්ෂණ ඇති දරුවකු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට හෝ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකුට හෝ පෙන්වීම ඉතාමත් වැදගත් ය. මේ සඳහා චර්යා රටා පාලනය කර ගැනීමේ මනෝ චිකිත්සක ප්‍රතිකාර සහ පුහුණුව ද, ඖෂධ ප්රතිකාරද ලබාදිය යුතුය. මුලදීම මෙම ප්‍රතිකාර ලබා නොදුන්නොත් අධ්‍යාපන පසුබෑමට අමතරව පාසල් යන්නට දැඩි අකමැත්තක් දැක්වීම, පෞරුෂ වර්ධනයේ ගැටලු මෙන්ම දීර්ඝකාලීන මානසික ගැටලු ද හට ගැනීමට ප්‍රබල හැකියාවක් තිබේ.
යම් දරුවකු තුළ අධ්‍යාපනයෙහි පසුබෑමක් ඇති වන්නට තවත් විවිධ හේතු බලපායි.
දරුවාට නිසි ඇගයුමක් නොමැතිවීම ද එවැනි ප්‍රධාන හේතුවකි. වයස් පරතරයක් නොමැතිවම ඕනෑම කෙනෙකු ප්‍රශංසා ලබන්නට කැමති ය. දෙමාපියන් සහ ගුරුවරුන් දරුවෙකු වරදක් කළ විට දොස් නොගන්නට දක්වන උනන්දුව, දරුවෙකු හොඳ වැඩක් කළ විට ප්‍රශංසා කිරීම සඳහා දක්වන්නේ නැත. මෙය ඉතා වැරදි ප්රතිපත්තියකි. ඉතා බුද්ධිමත් දරුවකුට වුවද ඇගයුමක් නොමැති නම් ඒ දරුවා තුළ අධ්‍යාපනයෙහි පසුබෑම් ඇති වීමට ඉඩ තිබේ.
සමහර ගුරුවරුන් කරන ඉතාමත්ම වැරදි ක්‍රියාවක් නම් දක්ෂතා තිබෙන දරුවන් පමණක් ඉදිරියට ගැනීමයි. ඉන්පසු ඉතිරි දරුවන් අදක්ෂ දරුවන් ලෙස කොන් කරනු ලබයි. මෙවැනි දේවල් නිසා ඒ පන්තියේම අනෙකුත් දරුවන් තුළ ඉගෙනීමට පසුබෑමක් ඇතිවීම පමණක් නොව ඔවුන්ගේ පෞරුෂ වර්ධනයෙහිද ගැටලු රාශියක් ඇති විය හැකිය. එනිසා ගුරුවරුන් හැම සිසුවකු සම්බන්ධයෙන්ම වෙන වෙනම සොයා බැලිය යුතු අතර පාසල තුළදී දරුවන්ට දෙමව්පියන් මෙන් කටයුතු කළ යුතුවේ.
මෙය පාසල් භීතිකාව නිසා හටගන්නා රෝග ලක්ෂණ නිසා මෙම රෝගවලට මානසික හේතුන් මිස කිසිදු කායික හේතුවක් නොමැත. මෙයට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හෝ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙතින් ප්‍රතිකාර ලබාදිය යුතුය. එසේ නොකර දරුවාට දොස් කීමෙන් හෝ දඬුවම් කිරීමෙන් රෝග තත්ත්වය තවදුරටත් වැඩිවන අතර එම හේතුව නිසා දරුවාට අධ්‍යාපන කටයුතු මුළුමනින්ම එපා වීමත්, මානසික ශක්තිය හීන වීමත් සිදුවිය හැකිය.
ඉහත දැක්වූ සෑම හේතුවක් සඳහා මෙන්ම පාසල් දරුවන් තුළ බහුලව දැකිය හැකි මතක ශක්තිය අඩුවීම, ඉදිරිපත්වීමේ හැකියාව අඩුකම වැනි ඕනෑම හේතුවක් සඳහාද ප්‍රතිකර්ම තිබේ. එනිසා ඕනෑම වයස් කාණ්ඩයක දරුවකු තුළ අධ්‍යාපනයෙහි පසුබෑමක් දක්නට ලැබෙන්නේ නම් එය නොතකා හැරීම කිසිසේත් නොකළ යුතුය. කායික රෝග නොවන මෙවැනි බොහෝ ගැටලුවලට මනෝ වෛද්‍ය විද්‍යාවෙහි විසඳුම් ඇත.
අධ්‍යාපනයෙහි පසුබෑම් සහ එපා වීම් දරුවකු තුළ ඇති කරනු ලබන තවත් ප්‍රබල හේතුවක් වන්නේ දක්ෂ දරුවන් හා අනෙකුත් දරුවන් සංසන්දනය කිරීම ය. එය මානසික වශයෙන් දරුවකුට සිදු කරන විශාල අයහපතක් බව දෙමාපියන් මෙන්ම ගුරුවරුන් ද වටහා ගත යුතුය.
සමහර කුඩා දරුවන් තුළ ඇතිවන පාසල් භීතිකාව (School phobia) නිසා ද පාසල මතක් වන විටත් තදබල බියක් දැනීම සහ හෘද ස්පන්දනය වේගවත් වන අතර පාසල් යන්නට සූදානම් කරන සෑම දිනකම උදේට හිස කැක්කුම, බඩේ කැක්කුම, බඩ බුරුල් වී යාම වැනි රෝග ලක්ෂණ පළ කිරීමට පුළුවන. මෙය පාසල් භීතිකාව නිසා හටගන්නා රෝග ලක්ෂණ නිසා මෙම රෝගවලට මානසික හේතුන් මිස කිසිදු කායික හේතුවක් නොමැත. මෙයට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හෝ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙතින් ප්‍රතිකාර ලබාදිය යුතුය. එසේ නොකර දරුවාට දොස් කීමෙන් හෝ දඬුවම් කිරීමෙන් රෝග තත්ත්වය තවදුරටත් වැඩිවන අතර එම හේතුව නිසා දරුවාට අධ්‍යාපන කටයුතු මුළුමනින්ම එපා වීමත්, මානසික ශක්තිය හීන වීමත් සිදුවිය හැකිය.
ඉහත දැක්වූ සෑම හේතුවක් සඳහා මෙන්ම පාසල් දරුවන් තුළ බහුලව දැකිය හැකි මතක ශක්තිය අඩුවීම, ඉදිරිපත්වීමේ හැකියාව අඩුකම වැනි ඕනෑම හේතුවක් සඳහාද ප්‍රතිකර්ම තිබේ. එනිසා ඕනෑම වයස් කාණ්ඩයක දරුවකු තුළ අධ්‍යාපනයෙහි පසුබෑමක් දක්නට ලැබෙන්නේ නම් එය නොතකා හැරීම කිසිසේත් නොකළ යුතුය. කායික රෝග නොවන මෙවැනි බොහෝ ගැටලුවලට මනෝ වෛද්‍ය විද්‍යාවෙහි විසඳුම් ඇත.
විශේෂඥ මනෝ වෛද්‍ය වෛද්‍ය රුමී රූබන්
සැකසුම – ඉන්දු පෙරේරා