පසුගිය දිනවල ඇති වූ වැසි තත්වය නිසා ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල මූලාශ්‍රවල ජලය පිරී පවතින නිසා විදුලි බිල 11.57% කින් ඉහළ දැමීමට ඉදිරිපත්ව ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩල පොදු සේවක සංගමයේ සභාපති නීතිඥ මාලක වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.වැරදි දත්ත හා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් විදුලි බල මණ්ඩලය විදුලි බිල වැඩි කිරීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග පරාජයට පත් කළ යුතු බවත් ජලවිදුලි නිෂ්පාදන ඉහළ ගොස් තිබෙන නිසා විදුලි බිල ඉහළ දැමීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් වික්‍රමසිංහ මහතා තවදුරටත් පෙන්වා දෙයි.රට විපතට පත්ව ජනතාව අන්ත අසරණ ව සිටින මේ මොහොතේ විදුලිබල මණ්ඩලය කළ යුත්තේ ලාභ ලැබීමට උත්සාහ ගැනීම නොව විදුලි බිල අඩුකර ජනතාවට සහන සලසා දීම බව ඒ මහතා අවධාරණය කරයි.