දිවයින පුරා වායු ගුණාත්මකභාවය පහළට

දිවයින පුරා මේ වන විට වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

එම ආයතනය සඳහන් කළේ ‘රෝගී සහ සංවේදී ජනතාව මේ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසත් මුව ආවරණ අවශ්‍ය වූ විට පළඳින ලෙසයි.

කාලගුණික තත්ත්වය සහ පවතින සුළං ප්‍රවාහය හේතුවෙන් එලෙස වායුගුණාත්මකභාවය පහළ ගොස් තිබෙන බව වායු දූෂණ කළමණකාරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කරනලදි.

කාලීන පුවත්