නව දිල්ලියේ පිපිරීමකින් අටක් මරුට

ඊයේ (10) සවස ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි ඓතිහාසික රතු බලකොටුව ආසන්නයේ පිපිරීමක් සිදුව තිබේ.රතු බලකොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 දොරටුව අසල මෙම පිපිරීම සිදුව ඇති අතර එයින් 8 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.මෝටර් රථයක් තුළ මෙම පිපිරීම සිදුව ඇති අතර ඒ ආසන්නයේ තිබූ තවත් වාහන කිහිපයක් ද ගිනිගෙන විනාශ වී ඇති බවත් සඳහන් වේ.මෙම පිපිරීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ආරම්භ කොට තිබේ.

කාලීන පුවත්