ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද (8) උදෑසන ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මේ වන විට පොතුවිල්වලට කිලෝමීටර් 300ක් ගිනිකොණ දෙසින් පවතින එම පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.