නිෂ්පාදන වියදම මිස ඔහුගේ සමාජමය වියදමත් සළකා වී මිල දී ගන්න බැහැ

වී මිල දී ගැනීම සඳහා හොඳම විද්‍යාත්මක වැඩපිළිවෙළක් වත්මන් ආණ්ඩුව සකසා ඇතැයි නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.ගොවියාගේ වී නිෂ්පාදන වියදම සහ ඔහුගේ සමාජමය වියදම දෙකක් බවත් ඒ දෙකම පදනම් කරගෙන වී සඳහා මිල නියම කළ නොහැකි බවත්.තමන් හැමදාම සටන් කළේ වී නිෂ්පාදන වියදමට සාධාරණ මිලක් ගැනීමට බව ද නියෝජ්‍ය අමාත්‍ය වරයා ප්‍රකාශ කරයි.වියළි වී කිලෝව රු. 120 බැගින් මිලට ගන්නා බවත් ඇතැමුන් ප්‍රකාශ කළ ද එවිට පාරිභෝගිකයනට සහල් ලබා දෙන්නේ කුමන මිලකට දැයි ඔහු අසා සිටියේ ය.කවුඩුල්ල ගොවි ජනපද වී ගබඩාවේ නිරීක්ෂණ චාරිකාවකට එකතු වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා මේ බව කීය.

කාලීන පුවත්