වත්මන් ශ්‍රී ලාංකීය සිනමා ක්‍ෂේත්‍රයේ නිළි රැජින ලෙස විරුදාවලී ලත් අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව 26 වන සඳුදා සිදු කිරීමට නියමිත ය.ඒ මහත්මිය ගේ දේහය හෙට( 25) පෙරවරු 10 සිට කොළඹ 07 ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පිහිටි තරංගනී ශාලාව තුළ මහජන ගෞරවය සඳහා තැන්පත් කොට තැබෙනු ඇත.මාලිනී ෆොන්සේකා මහත්මියගේ ඥාති දියණියක වන ජනප්‍රිය රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා මහත්මිය කියා සිටියේ මාලිනී ෆොන්සේකා මහ්ත්මිය ගේ අවසන් කටයුතු 26 වන සඳුදා පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට සියලු සූදානම් කරයුතු අවසන් කර ඇති බවයි.