නීතිඥවරයෙකුට සිදු කළ පොලිස් පහර දීම ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක් ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී නීතිඥවරයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.එවැනි පහරදීම් හෙලාදකින එම සංගමය සිය නිවේදනය මඟින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසයි.එසේම මෙවැනි සිදුවීම් අනාගතයේදී සිදු නොවීම සහතික කිරීම සඳහා ද අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඉල්ලා තිබේ.