නීතිඥ තමාරා අබේරත්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබීම ගැන නීතිඥ සංගමයේ කනස්සල්ල

නීතිඥ තමාරා අබේරත්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබීම ගැන නීතිඥ සංගමයේ කනස්සල්ල ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නීතිඥ තමාරා අබේරත්න මහත්මිය රඳවා තබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළකර තිබේ.ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය, නීතිඥ තමාරා අබේරත්න මහත්මිය විසින් ලබාදුන් බව කියන දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් තුළ සඟවා අධිකරණ සංකීර්ණයට ගිනි අවියක් රැගෙන ආ බව අනාවරණය වීමෙන් අනතුරුව නීතීඥ සංගමයේ සාමාජිකාවක වන තමරා අබේරත්න මහත්මිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ නීතිඥ කවුන්සිලයේදී සාකච්ඡා ක‍ර ඇතැයි වාර්තා වේ. ඇය 2022 මාර්තු මාසයේදී බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ 59 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ විධායක කමිටුවේ ද සාමාජිකාවක ලෙස කටයුතු කොට තිබේ.කෙසේ වෙතත් නීතිඥ සංගම් ආරංචි මාර්ග පෙන්වාදෙන්නේ සැකකාරියට තමන් වෙනුවෙන් පෙනීසිටීමට නීතිඥවරයකු ලබාගත හැකිවුවද, නීතිඥ සංගමය කිසිදු තත්වයක් යටතේ ඇය වෙනුවෙන් පෙනී නොසිටින බවයි.

කාලීන පුවත්