නෙළු මල් බලන්න හෝර්ටන් තැන්නට එන අයට අවවාදයක්

වසර 12කට පසු හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානයේ නෙළු මල් වර්ග හතරක් පිපී ඇති බවත්, ඒවා නැරඹීම සදහා සති අන්තයේ සහ නිවාඩු දිනවල අධික සංචාරකයන් පිරිසක් සහ වැඩි රථවහන ප්‍රමාණයක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය වෙත පැමිණෙන අතර එලෙස පැමිණෙන්නේ නම් ජාතික උද්‍යානයේ පවතින නිතී රීති අනුව කටයුතු කළ යුතු බවත් හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන භාරකාර සිසිර රත්නායක මහතා පවසයි.එසේ පැමිණෙන ඇතැම් පිරිස් ජාතික උද්‍යානයක නීති රීතිවලට පටහැනිව කටයුතු කර ඇති ඇති අතර එම පිරිස සඳහා නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කොට ඇති බව උද්‍යාන භාරකාර සිසිර රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්