
නොබෙල් සම්මානලාභියකු තමාට ලැබුණු නොබෙල් ත්‍යාගයක් තවත් කෙනෙකුට ප්රදානය කිරීම සාමාන්‍යයෙන් අසන්නට ලැබෙන සිදුවීමක් නොවේ. නමුත් මෙවැනි දුර්ළභ සිද්ධියක් පසුගිය බ්‍රහස්පතින්දා සිදුවිය.
එහි දී සිදු වූයේ පසුගිය වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනාගත් වෙනිසියුලාවේ මරියා කොරීනා මචාඩෝ ඇගේ සම්මාන පදක්කම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්රදානය කිරීම යි. මෙය සිදුවූයේ මචාඩෝ ධවල මන්දිරයේ දී ට්‍රම්ප් හමු වූ අවස්ථාවක යි.
මේ ආකාරයෙන් තමාගේ නොබෙල් පදක්කම ට්‍රම්ප්ට පිරිනමන්නේ වෙනිසියුලානු ජනතාව වෙනුවෙන් ඔහුට ස්තුතිය පළ කිරීමක් වශයෙන් බව ද ඇය කීවාය. එසේ ස්තුතිය පළ කරන්නේ නිදහස් වෙනිසියුලාවක් බිහි කිරීම සඳහා ට්‍රම්ප් දරණ උත්සාහය වෙනුවෙන් බව ද ඇය සඳහන් කර තිබිණි.
මේ ආකාරයෙන් තමාගේ නොබෙල් පදක්කම ට්‍රම්ප්ට පිරිනමන්නේ වෙනිසියුලානු ජනතාව වෙනුවෙන් ඔහුට ස්තුතිය පළ කිරීමක් වශයෙන් බව ද ඇය කීවාය. එසේ ස්තුතිය පළ කරන්නේ නිදහස් වෙනිසියුලාවක් බිහි කිරීම සඳහා ට්‍රම්ප් දරණ උත්සාහය වෙනුවෙන් බව ද ඇය සඳහන් කර තිබිණි.
මෙම සිද්ධිය සිදුවූයේ ඇමරිකානු හමුදා වෙනිසියුලාවට කඩා පැන ඒකාධිපති පාලකයකු ලෙස සැලකුණු එරට ජනාධිපති නිකලස් මදුරෝ බලත්කාරයෙන් ඇමරිකාවට රැගෙන ඒමෙන් දින කිහිපයකට පසුව යි. මේ වනවිට මදුරෝ ඇමරිකාවේ රඳවාගෙන සිටින අතර විවිධ චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු පවරා තිබේ.
නොබෙල් සාම ත්‍යාගය දිනාගත් මරියා මචාඩෝ මදුරෝ ගේ පාලනයට එරෙහිව වෙනිසියුලාව තුළ සටන් කළ විරුද්ධ පක්ෂ නායිකාවකි. ඇයට පසුගිය දෙසැම්බර් 10 වැනි දින නොබෙල් සාම ත්‍යාගය ප්රදානය කෙරුණේ වෙනිසියුලාව තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම සඳහා කරමින් සිටින මෙහෙවර වෙනුවෙනි. මෙම අරගලය තුළ ඇය බොහෝ පලිගැනීම්වලට, දුක් ගැහැටවලට,අභියෝගවලට මුහුණ දී තිබේ.

ඇයට එරෙහිව පනවා ඇති සංචාරක සීමාවන් නිසා මචාඩෝට නෝර්වේ හි ඔස්ලෝ නුවර පැවති නොබෙල් සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වීමට පවා බැරි විය. එදින ඇය වෙනුවෙන් සම්මානය භාර ගත්තේ ඇගේ දියණිය යි. නමුත් උත්සවයෙන් පසු මචාඩෝ නොර්වේ වෙත ළඟා වීමට සමත්ව තිබුණාය.
මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිහින දකිමින් සිටි බව රහසක් නොවේ. ඒ වෙනුවෙන් ඔහු ප්‍රසිද්ධියේම දැඩි උත්සාහයක් ගත් අතර තමා පසුගිය කාලයේ සමතයකට පත් කළ යුද ගැටුම් ගැනද නිතර කතා කළේය.
නමුත් නොබෙල් කමිටුව අවසානයේ එය පිරිනැමුවේ මචාඩෝට ය.
මචාඩෝට සම්මානය පිරිනැමීම ට්‍රම්ප්ගේ නොසතුටට හේතු වී තිබූ බව පෙනිණි.
කෙසේ හෝ වේවා, පසුගිය සතියේ මචාඩෝ ධවල මන්දිරයේ දී ඔහුට සම්මාන පදක්කම ප්රදානය කළ අවස්ථාවේ එය ට්‍රම්ප් තුළ සතුටක් ඇති කර තිබූ බව දක්නට ලැබිණි. මචාඩෝ එය ඔහුට ප්රදානය කර තිබුණේ විශාල රාමුවක් තුළ රුවා ය. ට්‍රම්ප් එයත් අතැතිව මචාඩෝ සමග පෙනී සිටි ඡායාරූප මාධ්‍ය තුළ පළ වී තිබිණි.
“මා විසින් කරනු ලැබ ඇති කාර්යයන් වෙනුවෙන් මාරියා ඇගේ නොබෙල් පදක්කම මා වෙත පිරිනැමුවා. එය අන්‍යොන්‍ය ගෞරවය පෙන්නුම් කළ අපූරු අවස්ථාවක්” ට්‍රම්ප් ඔහුගේ Truth Social සමාජ මාධ්‍ය පිටුවේ සටහන් කර තිබිණි.
නොබෙල් පදක්කමක් කෙනෙකුගෙන් තව කෙනෙකුට මාරු වුවත් එහි නිල හිමිකරුවා වන්නේ නොබෙල් කමිටුව එය ලබා දුන් තැනැත්තා යි. මේ බව නොබෙල් කමිටුව මෙම අවස්ථාවේ ද සඳහන් කර තිබිණි. කෙසේ වුවත් මචාඩෝ ට්‍රම්ප්ට නොබෙල් පදක්කම ලබා දීම හා සමාන සිද්ධියක් නොබෙල් සම්මාන ඉතිහාසයේ සිදු වී නැති බවක් ද සඳහන් වේ.
නොබෙල් පදක්කමක් කෙනෙකුගෙන් තව කෙනෙකුට මාරු වුවත් එහි නිල හිමිකරුවා වන්නේ නොබෙල් කමිටුව එය ලබා දුන් තැනැත්තා යි. මේ බව නොබෙල් කමිටුව මෙම අවස්ථාවේ ද සඳහන් කර තිබිණි. කෙසේ වුවත් මචාඩෝ ට්‍රම්ප්ට නොබෙල් පදක්කම ලබා දීම හා සමාන සිද්ධියක් නොබෙල් සම්මාන ඉතිහාසයේ සිදු වී නැති බවක් ද සඳහන් වේ.
නමුත් ඇතැම් නොබෙල් සම්මානලාභීන් තම පදක්කම් විකුණූ හෝ වෙන්දේසි කළ හෝ අවස්ථා මෙයට පෙර වාර්තා වී තිබේ.
2022 වසරේ මෙවැනි සිදුවීමක් සිදු විය.

ඊට පෙර වසරේ නොබෙල් සාම ත්‍යාගය දෙදෙනෙකු වෙත පිරිනැමිණි. ඒ, පිලිපීන ජාතික මාරියා රේසාට සහ රුසියානු ජාතික ද්මිත්රි මුරටෝව්ට ය. ඔවුන් දෙදෙනාම මාධ්‍යවේදීන් ය.
මේ අතරින් මුරටෝව් ඔහුට ලැබුණු පදක්කම 2022 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 103.5 කට (ලංකා රුපියල් බිලියන 32 කට පමණ) අලෙවි කළ අතර එම මුදල ඔහු සමාජ සේවා කටයුත්තක් වෙනුවෙන් පරිත්‍යාග කළේය. ඒ, යුක්රේන යුද්ධයෙන් අනාථ වූ දරුවන් වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානය පිහිටුවා ඇති අරමුදලකට ය.
වෙනිසියුලාවේ මචාඩෝ ඇගේ නොබෙල් පදක්කම ට්‍රම්ප්ට දීම පිටුපස දේශපාලන අරමුණක් ඇති ආකාරයක් ද පෙනී යයි.
වෙනිසියුලා ජනාධිපති මදුරෝ ඇමරිකානු හමුදා විසින් අල්ලාගෙන එනු ලැබීමෙන් පසු එරට දේශපාලනය තුළ විශාල අස්ථාවර බවක් ඇති වී තිබෙන අතර වැඩි කල් නොගොස් ජනාධිපතිවරණයක් පැවැත්වීමටත් ඉඩ තිබේ.
මේ වනවිට 58 වැනි වියෙහි පසුවන මචාඩෝ වෙනිසියුලාවේ මීළඟට බලයට ඒමට ලොකු බලාපොරොත්තුවකින් පසුවන නායිකාවකි. එම උත්සාහයේ දී ඇයට ට්‍රම්ප්ගේ සහයෝගය බෙහෙවින් වැදගත් වනු ඇත.
මචාඩෝ ට්‍රම්ප්ට නොබෙල් පදක්කම පිරිනැමුවේ මෙවැනි පසුබිමක් තුල යි.
මදුරෝ අල්ලාගෙන යාමෙන් පසු බොහෝ දෙනෙකු සිතුවේ ට්‍රම්ප් වෙනිසියුලාවේ ජනාධිපතිවරණයක් ඉක්මනින් පැවැත්වීමට බල කර මචාඩෝ වැනි විරුද්ධ පක්ෂ අපේක්ෂකයකු බලයට ගෙන එනු ඇතැයි කියා ය. නමුත් ඔහු එවැනි පියවරක් ගැනීමට හදිසි වූයේ නැත. එම අවස්ථාවේ ඔහු සහය දැක්වූයේ මදුරෝ යටතේ උප ජනාධිපතිනිය ලෙස කටයුතු කළ ඩෙල්සි රොඩ්‍රිගස්ට ය. මේ වනවිට ඇය වැඩ බලන ජනාධිපතිනිය ලෙස කටයුතු කරයි.
මදුරෝ ඇමරිකාවට අල්ලාගෙන ගියත් වෙනිසියුලා හමුදාව වැනි ආයතන උප ජනාධිපතිනියට දිගටම සහය දක්වන්නට පියවර ගත්තේය. එවැනි අවස්ථාවක ඉක්මන් බල මාරුවක් සඳහා ට්‍රම්ප් පියවර ගත්තේ නම් රට තුළ වඩාත් ව්‍යාකූල තත්වයක් ඇති වීමට ඉඩ තිබිණි.
ට්‍රම්ප් උප ජනාධිපතිනිය සමගම කටයුතු කිරීමට කල්පනා කළේ මේ නිසා විය හැකි බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහස යි.
නිහාල් පීරිස්