මේ වන විට පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (9) දැනුම් දුන්නේ ය.නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම් දීම සිදු කරන ලද්දේ අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය සඳහා කැඳ වූ අවස්ථාවේදී ය.එහි දී මෙම පනත් කෙටුම්පත පිළිබඳව අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පෙබරවාරි 3 වන දා සිට මාසයක කාලයක් ලබා දී තිබෙන බව ද ධර්මවර්ධන මහතා විසි න් අධිකරණයට දැනුම් දෙන ලදී.