පළාත් සභා මැතිවරණයට ජවිපෙ පසුබෑමක්

ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ තුළ විසංවාදී තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. පසුගිය සතියේදී ජනතා විමුක්ති පෙරමුණු අභ්‍යන්තරයේ ඒ සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය වී ඇති මුත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනකු ඊට විරුද්ධ වී ඇති බව ද සඳහන් ය.පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් වන ජවිපෙ ස්ථාවරය, උතුරු නැගෙනහිරට ලබා දෙන දේශපාලන විසඳුම සහ බලය බෙදීමේ ක්‍රමවේදය ආදී කරුණු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී දීර්ඝව කරුණු සාකච්ඡා වී ඇති අතර ඒ පිළිබදව අවසන් තීන්දුවක් ගන්නා තුරු පළාත් සභා මැතිවරණය කල්දැමීමට එහිදී යෝජනා වී ඇති බව සදහන් ය.එමෙන්ම මේ වන විට ලැබී ඇති බුද්ධි අංශ තොරතුරු වලට අනුව ජාතික ජනබලවේග ආණ්ඩුවේ ජනප්‍රියත්වය ශීඝ්‍ර පසුබෑමකට ලක්වෙමින් පවතින බැවින් ලබන වසරේ එය යථාවත් කර ගත හැකි ජනතාවට සහන සළසන අය වැ‍යක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී පක්ෂයේ අවධානය යොමු වූ බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්