ප්‍රධාන ආරක්ෂක නිලධාරී කන්කසන්තුරයට මාරු කිරීම ගැන රනිල් කතා කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලීසිය වෙත මාරු කර තිබේ.පොලිසිය සඳහන් කරන ආකාරයට මේ තීරණයට හේතුවී ඇත්තේ ඔහු අත්අඩංගුවේ සිටින පිල්ලෙයාන් සමඟ දුරකථනයෙන් කතා කිරීමට උත්සහ කිරිමයි.නමුත් රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ තමන් කළ ඉල්ලීමක් මත ආරක්ෂක නිලධාරියා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මහතාට කතා කිරීමට උත්සහ කළ බවත් එය ඔහු ගේ පෞද්ගලික අවශ්‍යතාවක් නොවන බවත් ය.අශෝක ආරියවංශ මහතා වසර 23ක් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ මෙන්ම වසර 15ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර ඔහු ගේ මෙම මාරු කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය වික්‍රමසිංහ මහතා දැනුවත් කොට නැත.

කාලීන පුවත්