ප්‍රවීණ ගායිකා චන්ද්‍රානි ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

දශක කිහිපයක් තිස්සේ මුල් පෙළේ ගායන ශිල්පිනියක ලෙස සංගීත ක්ෂේත්‍රයේ බැබළුණු ප්‍රවීණ ගායිකා චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට, ඇය 82 වැනි වියේ පසුවිය.ළමා වියේ සිටම ගායනය ඇතුළු කලා ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් සුවිශේෂ ප්‍රතිභාවක් පළ කළ ඇ‍ය 1950 දශකයේ ගැයූ “දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ”ගීතය එදා මෙදා තුර පරම්පරා තුනක දරුවන් අතරේ එක සේ ජනප්‍රිය වීම සුවිශේෂත්වයකි.ඉන් පසුව “මල් කෙල්ලක් මං”, “ලතා මඩුල්ලක් කථා කරනවා”, “අක්ක නගාලගෙ බොළඳ සිනා” ‘හැඩකාරයි මං පොඩි කාලේ” “තුං තුඹ මල්” ” රාං කුරුල්ලා රූංකියා ගෙන” “අත්තන මල් අත්තන මල්” වැනි ජනප්‍රිය ගීත රැසක් ගී ලොවට දායාද කළ ඇය චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය ප්‍රවීණ ගායන ශිල්පිණියක , ගුවන්විදුලි හඩ කැවීම් ශිල්පිණියක ලෙසත්, වේදිකා නාට්‍ය ශිල්පිණියක ලෙසත් කටයුතු කර කර ඇති අතර ඇ‍ය සිසු දරුවන් විශාල පිරිසකගේ සංගීත ඥානය මුවහත් කළ ගුරුමවk ද වූවා ය.

කාලීන පුවත්