පාතාලයන් හා එක් වූ රාජ්‍ය නිලධාරීන් ගැන සොයයි

රාජ්‍ය ආයතන බොහොමයක විවිධ තරාතිරම් වල නිලධාරීන් සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සබඳතා පවත්වා ඇති බවට ලැබී ඇති පැමිණිලි අනුව ඉහළ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.ශ්‍රී ලංකා රේගුව,ආගමන විගමන දෙපාර්තමේන්තුව,පොලිසිය. ත්‍රිවිධ හමු­දාව, බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව, ඇතුළු රජයේ ආය­තන රැසක ඉහළ නිල­ධා­රීන්ගේ වත්කම් පිළි­බඳව මෙම විමර්ශනය සිදු කිරීමට නියමිත ය.රජයේ නිල­ධා­රීන්ගේ වත්කම් බැර­කම් ප්‍රකාශ ගෙන වාර්ෂිකව විම­ර්ශන කට­යුතු සිදු කළ ද ඊට පරි­බා­හි­රව දූෂ­ණය නමැති වරද සිදුව තිබේද? යන්න මෙම විමර්ශනවලින් සොයා බලන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.රාජ්‍ය ආයතනවල ඇතැම් නිලධාරීන් සහ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් අතර සමීප සම්බ­න්ධතා පැවති බවට අනා­ව­ර­ණ­ය වී ඇති අතර, යුද හමු­දාවේ සහ පොලී­සියේ ඇතැම් ඉහළ නිල­ධා­රීන් පිරි­සක් මේ කණ්ඩා­යම් සමඟ ඍජු සම්බ­න්ධතා පවත්වා ඇති බවට ලැබී ඇති පැමි­ණිලි ප්‍රකා­රව ඔවුන් පිළි­බඳව මේ වන විටත් අභ්‍ය­න්තර විම­ර්ශන ආරම්භ කර තිබේ.එමෙන්ම සංවිධානාත්මක අපරාධ ජාලය නිරාබාධිතව පවත්වා ගෙන යාම සඳහා එම අපරාධ කල්ලි සාමාජිකයන් රාජ්‍ය අංශ නිලධාරීන් ගේ සහාය ලබා ගෙන ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

කාලීන පුවත්