ව්‍යවස්ථාදායකය මඟින් පළාත් සභා පනත සංශෝධනය කරන තුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නොමැති මුත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට බලතල ලැබුණු පසුව එය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.එමෙන්ම එය පළාත් මට්ටමින් වෙන වෙනම පවත්වනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ කොමිසම විසින් බව ද එහි සභාපති වරයා පවසයි..පසුගිය පළාත් සභා මැතිවරණය ද එලෙස වෙන වෙනම පැවැත්වූ අවස්ථා ඇති බැවින් පැන නඟින තත්වයන් මත මෙවර ද එසේ කළ හැකි බවත් මේ වන විට පළාත් සභා සියල්ල විසුරුවා හැර ඇති බැවින් එලෙස වෙන වෙනම පැවැත්වීම හෝ එකවර පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවට ගැටලුවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.