පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලට අදාළ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ කණ්ඩායමක් විසින් අද (25) උදෑසන පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලට අදාළ සැකකරුවෙකු ලෙස සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.සුරේෂ් සලේ මහතා ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ද දීර්ඝ කාලයක් සේවය කළ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට එවකට බ්‍රිගේඩියර්වරයෙකු වූ සුරේෂ් සලේ මහතා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිට ඇත.