පියුමි හංසමාලි බෙදන “ලෝලියා” රස පරීක්ෂකට

ප්‍රසිද්ධ නිරූපිකාවක වන පියුමි හංසමාලි මහත්මිය ගේ හිමිකාරිත්වයෙන් යුතු ලෝලියා ස්කින් කම්පැනි නම් ආයතනය විසින් දිවයින පුරා බෙදාහරින රූපලාවන්‍ය ආලේපනවල ප්‍රමිතීන් පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ ඒකකයට අයත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම ආලේපන අවශ්‍ය ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල වේ දැයි තීරණය කිරීම සඳහා, පියුමි හංසමාලි මහත්මිය විසින් අලෙවි කරන ආලේපන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා මෝසමක් ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබේ.පියුමී හංසමාලී මහත්මිය නීතිවිරෝධී ආකාරයෙන් වත්කම් උපයන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලකට අදාලව මෙම පරීක්ෂණ සිදු වෙයි .

කාලීන පුවත්