ඊයේ (30) රාත්‍රී මධ්‍යම පිලිපීනයේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයක් සිදුව තිබේ.භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙන බවත් තවත් පුද්ගලයින් 147 දෙනෙකු තුවාල ලබා ඇති බවත් අනාවරණය වී තිබේ.භූ කම්පනය හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති බව මුත් පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන්නේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානයක් නොමැති බවයි.භූ කම්පනයේ බලපෑම් එල්ල වූ විසායාස් කලාපයේ පිහිටා ඇති සෙබු නගරයේ මිලියනයකට ආසන්න ජනගහනයක් සිටිනවා.ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.