කොළඹ මහ නගර සභාවේ පුරපති තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින් නිකුත්කළ පළාත් පාලන ආයතන ප්‍රධානීන් පත්කිරීමේ මාර්ගෝපදේශ නොතකා ඊට පටහැනි අයුරින් කොළඹ නගර සභාව තුළ කටයුතු කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වන සාරංගිකා කල්හාරී ජයසුන්දර මහත්මියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සමගි ජන බලවේගය තීරණය කර ඇති බව වාර්තා වෙයි.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(16) පස්වරුවේ පැවැති මෙම විශේෂ සාකච්ඡාව සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග ජනාධිපති නීතිඥවරුන් රැසක් එක්ව සිට ඇත.එහිදී නීති උපදෙස් ලැබී ඇත්තේ පළාත් පාලන කොමසාරිස්වරිය නියමිත මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් රහස් ඡන්දයකට යාමට තීරණය කොට ඇති බවත්, ඒ අනුව ඇයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට යොමුවිය හැකි බවත්ය.එබැවින් ඉදිරි දින කිහිපය ඇතුළත මෙම නඩු පැවරීම සිදුකිරීමට තීරණය වී ඇති බව දැනගන්නට තිබේ.එමෙන්ම ඊට විපක්ෂයේ අනෙකුත් පක්ෂ සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය වී ඇති බව ද වාර්තා වේ.