මධ්‍යම කඳුකරයට මල් තුහින

මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් මධ්‍යම කදුකරයේ හැටන් හා බගවන්තලාව ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට මල් තුහින පතිත වී ඇති බව වාර්තා වේ..මල් තුහින” යන්නෙන් ප්‍රධාන වශයෙන් අදහස් වන්නේ පොළොව මතුපිට උෂ්ණත්වය හිමාංකයට (0∘C හෝ 32∘F) ආසන්න වූ විට, වායුගෝලයේ ඇති ජල වාෂ්ප හෝ පිනි මිදීමට ලක් වී කුඩා අයිස් ස්ඵටික ලෙස තණකොළ, ගස්කොළන් සහ අනෙකුත් මතුපිට රැඳී තිබීම ය.සෑම වසරකම අවසානයේ ශ්‍රී ලංකාවේ, නුවරඑළිය ඇතුළු මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල හිමිදිරි උදෑසන කාලයේදී මෙම සුන්දර දසුන දැකගත හැකිය.

කාලීන පුවත්