වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී විරුද්ධ වූ සියලුම දැන් නිවැරදි බව වටහා ගනිමින් ඒවා කරමින් සිටීම ගැන තමන් මහත් සේ සතුටට පත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. ආණ්ඩුව දැන් කැසිනෝ විවෘත කරවනවා. කංසා අපනයනය කරන්න නීතිගත කරනවා. ඒ විතරක්ද මම කතා කළා කොළඹ නොනිඳන නගරයක් කරන්න. . ඒවා නොකර සංචාරකයෝ ආකර්ශනය කරගන්න බෑ. ඒ වගේම මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කොට විරුද්ධ වෙච්චි දේවල් සියල්ල අද හරියි කියලා තේරුම් අරන් ඉන්න එක ලොකු දෙයක්.මම ගැන මම විශාල වශයෙන් සතුටු වෙනවා” යනුවෙන් ද ඒ මහත්මිය කීවාය .