මර්වින් ඇතුළු තිදෙනාට ඇප

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ චෝදනාවට ලක් ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සහ ජයන්ත කබ්‍රාල් සහ නවීන් වීරකෝන් යන මහතුන් ගම්පහ පළාත් බද මහාධිකරණය විසින් අද (03) පෙරවරුවේ මුදල් ඇප හා ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගිය මාර්තු 06 වන දා ඒ මහතා මුල් වරට අත් අඩංගුවට ගෙන තිබූ අතර ගම්පහ පළාත්බද මහාධිකරණ විනිසුරු ඩබ්ලියු.කේ.ඩී විජයරත්න මහතා වෙත ඉදිරිපත් ව තිබූ ඇප අයැදුම් පතක් මත අද මෙම නියෝගය ලබා දී ඇත.

කාලීන පුවත්