මලිත්තගොල්ලේ නාය යාම්;උමා ඔය බහු කාර්‍ය ව්‍යාපෘතිය විනාශයකින් නිමා වේද?

ඌව පලාතට,බදුල්ල දිස්ත්‍රික්කයට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරඳගොල්ල ග්‍රාම නිලධාරි වසමේ පිහිටි මලිත්තගොල්ල ග්‍රාමය මේ වන විට බොහෝ දෙනකුගේ අවධානයට ලක් ව තිබේ.ඒ පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමඟ කලින් හඳුනාගෙන තිබු නාය ස්ථානයක නාය පාදම ආසන්නයෙන් මඩ සහිත ජලය ගලා ඒම නිසා ය.මලිත්තගොල්ල ග්‍රාමයේ කුඹුරුයායක් ආශ්‍රිතව සිදු වූ මෙම නාය පළමුව 2019 වර්ෂයේදී සක්‍රීය වී ඇති අතර, 2023 වර්ෂයේ නොවැම්බර් මස මෙම නායයෑම නැවත සක්‍රීය වී නිවාස 13 ක් අධි අවදානම් ලෙස හඳුනාගෙන තිබේ. 2019 වර්ෂයේ නිවාස 8 ක් සහ 2023 වර්ෂයේ නිවාස 5 ක් වශයෙන් ඒවායේ පදිංචි කරුවන් ද සමඟ වෙනත් සුරක්ෂිත ස්ථානයක ස්ථාපිත කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කොට ඇත.සාමාන්‍යයෙන් අප රටේ කඳුකර බිම් නාය යාමේ අරුමයක් නැත.එහෙත් මේ නාය යාමේ කතාව ඊට තරමක් වෙනස් එකකි.

මෙම නාය යාම සක්‍රීය වීමත් සමඟ ඊට පහළින් වැටී ඇති ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය මීට ඉහතදී ද අවහිර වීමකට ලක් ව තිබේ, මෙම නාය යළිත් සක්‍රීය වී යම් පාංශු ගලනයක් ඇතිවුවහොත් ඒ මගින් ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය නැවතත් අවහිර වීමට අවදානමක් පවතී.එමෙන්ම ඒමඟින් අහිමි විය හැකි ජීවිත සහ දේපල ප්‍රමාණය ගැන අනාවැකි කීමට කිසිවකුටත් නොපුළුවන වර්ෂා අවස්ථාවල මෙම මාර්ගය භාවිතා කරන්නන් මෙම අවදානම් තත්ත්වය පිළිබදව සැලකිලිමත් විය යුතු බවට අනතුරු හඟවා ඇතත් ඒ සැලකිල්ල කවර අන්දමේ එකක් ද ඉන් ජීවිත හා දේපල බේරා ගත හැක්කේ කෙසේ ද? යන්න අපට නොවැටහේ. මලිත්තගොල්ල ගම්මානයේ 25 දා සිට සක්‍රීය වූ නායයෑම මේ වනවිට වේගවත් වීම මත මෙම නායයෑම් ස්ථානය පිළිබදව පරීක්ෂාකිරීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥයින් පිරිසක් ඉකුත් සතියේ මෙම ස්ථානය නිරීක්ෂණය කොට තිබේ. මෙමගින් නාය අවදානම් අවම කොට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා අවශ්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන නාය ස්ථාවර කිරීමේ විද්‍යාත්මක ක්‍රමෝපායන් කෙරෙහි අවධානය යොමු කොට ඇත.ඇල්ල ප්‍රාදේශීය ලේකම් වරයා ගේ දැනුම් දීම මත ඒ සම්බන්ධයෙන් විමසුම් කළ බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මෙම ස්ථානයෙන් ගලන ජලය මඩ සහිත හෙයින් නායයෑමේ සක්‍රීයතාවක් ඇතැයි සැක කරන බැවින් මෙම නායයෑම සහ උමාඔය උමං මාර්ගය අතර සම්බන්ධතාවක් තිබේදැයි පුළුල් අධ්‍යයනයක් කර සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසපසුගිය දා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ඉල්ලීමක් කර ඇත.මේ වන විට එය සිදුවෙමින් තිබේ.

අධික වර්ෂාව පවතින කාලයට ඌව පළාතට අයත් උමා ඔය ඉහළ ප්‍රදේශවලට ලැබෙන වර්ෂා ජලය නිසා ගංවතුර ඇතිවීම පාලනය කිරීමට උමා ඔය ඉහළ නිමනයේ ජලාශයක් තනවා එහි ජලය පරිස්සම් සහගතව දකුණු පළාතට “පල්ලම් බැස්සවීමේ” උපාය මාර්ග පිළිබඳව 1950 ගණන්වල සිටම සලකා බලන ලදී.නමුත් එම ව්‍යාපෘතිය සඳහා මුලින් සැලසුම් කෙරෙන්නේ 90 දශකයේ සිටය.එසේ වුවද ‘උමා ඔය’ බහුකාර්ය ව්‍යාපෘතිය පිළිබඳ නැවත කතාබහට ලක්වන්නේ වසර 2008 දීය.

ඉහත සඳහන් මලිත්තගොල්ල උමා ඔය බහු කාර්‍ය ව්‍යාපෘතිය අතර පූර්වාපර සන්ධි ගලපා අප ගේ සංවාදයට පිවිසිය යුත්තේ මෙතැනිනි.ඒ පසුගිය 24 වන දා එය ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි ගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණු බැවිනි. මහවැලි ව්‍යාපාරයෙන් පසු මෙරට බිහි වූ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය උමා ඔයයි. එක් ව්‍යාපෘතියකින් කාර්යයන් කිහිපයක් කෙරෙන නිසා එය බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස සැලකේ. විදුලිය නිපදවීම, පානීය ජලය, වාරි ජලය, ගංවතුර පාලනය වැනි අංග කිහිපයක් ඉන් සිදු කෙරෙන කෙරෙන නිසා එය බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස හඳුන්වන ලදී. අධික වර්ෂාව පවතින කාලයට ඌව පළාතට අයත් උමා ඔය ඉහළ ප්‍රදේශවලට ලැබෙන වර්ෂා ජලය නිසා ගංවතුර ඇතිවීම පාලනය කිරීමට උමා ඔය ඉහළ නිමනයේ ජලාශයක් තනවා එහි ජලය පරිස්සම් සහගතව දකුණු පළාතට “පල්ලම් බැස්සවීමේ” උපාය මාර්ග පිළිබඳව 1950 ගණන්වල සිටම සලකා බලන ලදී.නමුත් එම ව්‍යාපෘතිය සඳහා මුලින් සැලසුම් කෙරෙන්නේ 90 දශකයේ සිටය.එසේ වුවද ‘උමා ඔය’ බහුකාර්ය ව්‍යාපෘතිය පිළිබඳ නැවත කතාබහට ලක්වන්නේ වසර 2008 දීය. ඒ, ඉරාන රජයේ තාක්ෂණික සහ මූල්‍ය උපකාර සහිතව ‘උමා ඔය’ බහුකාර්ය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා අවධානය යොමුවීමත් සමඟිනි. මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩ් නෙජාඩ් යන මහත්වරුන් අතර ගිවිසුමක් අත්සන් කරන ලදී . ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල ඩොලර් මිලියන 529 ක් වූ අතර ඉන් 85% ක් ඉරාන රජයේ අපනයන සංවර්ධන බැංකුව ණය මුදලක් ලෙසත් ඉතිරි 15% ක මුදල ලංකා රජය විසින් දැරීමටත් තීරණය වූ බවක් පැවසෙයි.

මෙම ව්‍යාපෘතිය තුළින් මෙගා වොට් 120 ක විදුලි ධාරිතාවක් උත්පාදන හැකියාවක් අපේක්ෂා කෙරිණ. ඊට අමතරව එම ජලය හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක වෙත බෙද‌ා හරින අතර දකුණේ හා නිරිතදිග වියළි කලාපයේ ඉඩම් අක්කර 5000කට ජලය සම්පාදනය කිරීමට ද සැලසුම් කර තිබිණ. මෙම උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධ හම්බන්තොටින් ඇසෙන රසවත් කට කතාවක් ද වේ.එහි රසවත් බව නිසාම එය ද මෙහි සටහන් කිරීමට අපට සිත් විය.එනම් අනාගතයේ හම්බන්තොට සෞම්‍ය දේශගුණයකින් යුතු පාරිසරික කලාපයක් වන බවටත් ඒ සමඟම අප රටේ අගනුවර දකුණු පළාතේ මාගම් පුරයට සංක්‍රමණය වන බවටත් එහි පාලකයා ලෙස පත්වන දකුණු පළාතේ ප්‍රභූ තරුණයකු දියසේන කුමාරයා මෙන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව තෙක් තම බලය පතුරුවන බවත් එබඳු රස කතා ගෙතීමේ උපන් හපනකු වූ ජේ.ආර් පී සූරියප්පෙරුම එවක ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල සම්බන්ධ ගුවන් විදුලියකින් පවසා තිබේ.හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සමීපතම අන්තේවාසිකයකු වූ ලක්ෂ්මන් හුළුගල්ල ද ඒ පුවත එසැනින් මහින්ද රාජපක්ෂගේ සවනේ තබත්ම ඔහු ජේ.ආර් පී සූරියප්පෙරුම ගේ ඒ රසවත් කල්පිතය යථාර්ථයක් කර ගැනීමේ නොනිමි සිහිනයක යෙදී ඇත්තේ ඒ දියසේන කුමාරයා “පිට එකෙකු විය නොහැකි” බවට පූර්ව විනිශ්චයකට එළඹෙමිනි.නමුත් උමා ඔය බහු කාර්‍ය ව්‍යාපෘතිය නිසා රට තුළ බරපතල පාරිසරික හා ආර්ථික හානියක් වු බව පසුව පරිසරවේදීන් විසින් දිහින් දිගටම පෙන්වා දෙන ලදී.මධ්‍යම කඳුකරය යනු රටේ විශාල ජලසම්පතක් ගබඩා කරගෙන ඉතා සංවේදී පාරිසරික කලාපයකි.

‘උමා ඔය’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතල පාරිසරික ගැටලු මතුවන්නේ වසර 2014දී සිට ය. ඒ, පල්ලේපේරුව, මකුල්ඇල්ල, එගොඩගම, වෙහෙරගලතැන්න යන ප්‍රදේශවල ගෙවල් ඉරි තැලීමත් සමඟිනි.2014 දී පළමුවන වතාවට උමා ඔය ආශ්‍රිතව සිදුවු විශාල නාය යෑම නිසා, නිවාස 500කට ආසන්න ප්‍රමාණයක් බරපතල අනතුරට පත්⁣විය.එදිනෙදා භාවිතයට ජලය ලබාගත් ළිං 5000 පමණ ප්‍රමාණයක් විනාශ වු අතර, වැලිමඩ ,මකුල් ඇල්ල, පුහුල්පොළ අතර ප්‍රදේශ වල මිනිසුන් වසර සිය ගණනක් තිස්සේ පාරම්පරිකව වගා කරමින් සිටි වගා ඉඩම් ගණනාවක් පාලුවී විනාශ වී තිබේ.

වසර දහස් ගණනක ඉතිහාසය පුරාවට මධ්‍යම කඳුකරයේ විශාල වැව් ආදිය ඉදි නොකළේ මධ්‍යම කඳුකරයට ජල හිඟයක් නොමැති නිසා සේම උස් බිම් වල විශාල ජල ස්කන්ධයක් රඳවා තැබීමේ අනතුරු දායක බව නිසාම ය.නමුත් මෙම ‘උමා ඔය’ ව්‍යාපෘතිය හරහා පුහුල්පොළ දී හා ඩයරබාහි දී ජලාශ දෙකක් ඉදිකොට ඇත.උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ වැඩි කතාබහට ලක්වෙන්නේ එහි ඉදිවෙන උමං හතරක් පිළිබඳව ය. පුහුල්පොළ සිට ඩයරබා දක්වා කිලෝමීටර් 4ක උමගක් ඉදි කොට තිබේ. එතැන් සිට කරඳගොල්ලේ භූගත විදුලි බලාගාරයට ජලය රැගෙන යාම සඳහා කිලෝ මීටර 15.2 ක උමගක් ඉදි කොට ඇති අතර භූගත විදුලි බලාගාරයට ජලය ඇතුළු කිරීම සඳහා කිලෝ මීටර 1.5 ක් දිග උමගක් ද ඉදි කොට තිබේ.විදුලි බලාගාරයේ සිට ජලය පිට කිරීම පිණිස අලිකොට ආර දක්වා කිලෝ මීටර 3.3 ක උමගක් ඉදි කොට තිබේ. මෙම ‘උමා ඔය’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතල පාරිසරික ගැටලු මතුවන්නේ වසර 2014දී සිට ය. ඒ, පල්ලේපේරුව, මකුල්ඇල්ල, එගොඩගම, වෙහෙරගලතැන්න යන ප්‍රදේශවල ගෙවල් ඉරි තැලීමත් සමඟිනි.2014 දී පළමුවන වතාවට උමා ඔය ආශ්‍රිතව සිදුවු විශාල නාය යෑම නිසා, නිවාස 500කට ආසන්න ප්‍රමාණයක් බරපතල අනතුරට පත්⁣විය.එදිනෙදා භාවිතයට ජලය ලබාගත් ළිං 5000 පමණ ප්‍රමාණයක් විනාශ වු අතර, වැලිමඩ ,මකුල් ඇල්ල, පුහුල්පොළ අතර ප්‍රදේශ වල මිනිසුන් වසර සිය ගණනක් තිස්සේ පාරම්පරිකව වගා කරමින් සිටි වගා ඉඩම් ගණනාවක් පාලුවී විනාශ වී තිබේ. උමා ඔයේ ප්‍රධාන උමග හාරන අවදියේ ප්‍රදේශවල නිවාස ඉරි තලා යාම, භූගත ජල මට්ටම පහළ බැසීම, පොළොවේ ඇති වන ගිලා බැසීම් ඇතුළු පාරිසරික ගැටලු ගණනාවක් මතු විය.මීට අමතරව උඩපේරුව, හුරනේවත්ත, මැදඉන්න, කිනිගම, පුරන, අරාවත්ත සහ පහළ මිරහවත්ත ප්‍රදේශවල ද නිවාස ඉරිතැලීම්, ළිංවල ජලය ශීඝ්‍රලෙස සිඳීයාමට ලක්වීම මෙන්ම ප්‍රදේශයේ ඉඩම්වල ජල මට්ටම සිඳීයාමේ තත්වයක් ද උද්ගත විය.එමෙන්ම මෙම ව්‍යාපෘතිය නිසා වැලිමඩ ප්‍රදේශයේ භූගත ජලය සම්පුර්යෙන් සිඳී ගිය අතර, වැලිමඩ ප්‍රාදේශීය සභාව විසින් ජනතාවට බවුසර් වතුර ලබාදෙන තරමට ප්‍රශ්ණය ඔඩු දුවා තිබිණ.මේ හෑතුව මත එවක එම ප්‍රදේශයේ ගැමියනට මහ මඟට බැස උද්ඝෝෂණ කිරීමට ද සිදු විය.

සමහරුන් මෙය හඳුන්වන ලද්දේ වියළි කලාපය තෙත් බිමක් කිරීම සඳහා කඳුකර තෙත් බිම කාන්තාරයක් කිරීමේ බිහිසුණු ව්‍යාපෘතියක් ලෙසිනි.එමෙන්ම ”අපිට නිල නොවෙන විදියට වාර්තා වෙනවා ඩයරබා ජලාශයේ සිට ඇතුළු කරන ජල ප්‍රමාණය කරඳගොල්ලෙන් පිට කිරීමේ දී සැලකිය යුතු අඩුවීමකට ලක්වෙනවා කියලා. ඒ නිසා වැස්ස නැතුවත් නාය යන්නේ මේක නිසාදැයි සැක මතුවෙන බව” උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ජාතික ජනබලවේගය විධායක සභික සමන්ත විද්‍යාරත්න බීබීසී සිංහල සේවයට පවසා තිබේ.නමුදු මෙම සමස්ත ක්‍රියාවලිය පිළිබඳ අවසන් විනිශ්චයකට එළඹීමට තවමත් කල් වැඩිය.එනිසා අපි තව ටිකක් මේ ගැන හොඳ හෝදිසියකින් හිඳිමු.අනෙක ඒ හැරුණු කොට අපට දැනට කරන්නට වෙන දෙයක් ඇත්තේ ද නැත.

මේ අතර මධ්‍යම කඳුකරය ඉතා සංවේදි ලෙස ආරක්ෂා කළ යුතු පාරිසරික පද්ධතියක් බවත්. වසර දසලක්ෂ ගණනක් තිස්සේ ක්‍රමාණුකුලව භූ තැටි ඝට්ටනය වීමෙන් හා වෙනත් ස්වාභාවික හේතුන් මත නිර්මාණය වී ඇති මධ්‍යම කඳුකරයේ සියුම් පස් තට්ටු විශාල කපන හා දෙදරීම් වලට ලක් කළ නොහැකි බවත් පාලකයන් තමාගේ ආර්ථික වාසි තකා ඕනෑම එකක් අටවන්නට පටන් ගත්තද, එහි වන්දි ගෙවන්නට සිදුවන්නේ අසරණ මිනිසුන්ට හා සෙබාදහමට බවත් පරිසරවේදී අචාර්ය රවීන්ද්‍ර කාරියවසම් ඇතුළු පිරිස් පෙන්වා දුන් අතර උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සිදු කරන ඉරාන සමාගම නිසි ආකාරයට වැඩ කටයුතු සිදු කර නැති බව ජනාධිපතිවරයා ඇතුළු රජය පිළිගෙන ඇති බැවින් වහාම එම සමාගමට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයක නඩු පැවරිය යුතු බව 2017 ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් කීය.එමෙන්ම නිසි අධ්‍යයනයකින් තොරව සහ පරිසරවේදීන් කළින් පෙන්වා දුන් කරුණු සැලකිල්ලට නොගෙන සිදු කළ උමං කැනීම් නිසා භූගත ජලය ලීටර කෝටි ගණනක් අපතේ ගිය බවත්, නිවාස රැසකට හානි සිදුවූ බවට පරිසරවේදීන් අතර පොදු එකඟතාවක් ඇති වූ අතර බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැවැන්ත හානියක් සිදු කරමින් ව්‍යාපෘතිය සිදු කළ ඉරානයේ ෆරබ් සමාගමට නඩු පවරා වන්දි අය කර ගත යුතු බව ද, ව්‍යාජ වාර්තා ලබා දෙමින් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සාධාරනීකරණය කළ ලංකාවේ ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කළ යුතු බව ද එවක ඔවුන් පෙන්වා දී තිබිණ.මේ අතර සමහරුන් මෙය හඳුන්වන ලද්දේ වියළි කලාපය තෙත් බිමක් කිරීම සඳහා කඳුකර තෙත් බිම කාන්තාරයක් කිරීමේ බිහිසුණු ව්‍යාපෘතියක් ලෙසිනි.එමෙන්ම ”අපිට නිල නොවෙන විදියට වාර්තා වෙනවා ඩයරබා ජලාශයේ සිට ඇතුළු කරන ජල ප්‍රමාණය කරඳගොල්ලෙන් පිට කිරීමේ දී සැලකිය යුතු අඩුවීමකට ලක්වෙනවා කියලා. ඒ නිසා වැස්ස නැතුවත් නාය යන්නේ මේක නිසාදැයි සැක මතුවෙන බව” උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ජාතික ජනබලවේගය විධායක සභික සමන්ත විද්‍යාරත්න බීබීසී සිංහල සේවයට පවසා තිබේ.නමුදු මෙම සමස්ත ක්‍රියාවලිය පිළිබඳ අවසන් විනිශ්චයකට එළඹීමට තවමත් කල් වැඩිය.එනිසා අපි තව ටිකක් මේ ගැන හොඳ හෝදිසියකින් හිඳිමු.අනෙක ඒ හැරුණු කොට අපට දැනට කරන්නට වෙන දෙයක් ඇත්තේ ද නැත.

රේණුකා දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර