මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය “හැක්” කරලා

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම ( Hack)සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර තිබේ.පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයකට අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයක දී බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම නිරීක්ෂණය වී ඇත. එම ගැටලුව යථාවත් කර ගැනීම සඳහා CERT සහ ICTA ආයතන මඟින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇති පොලීසිය පවසයි.කෙසේ නමුත්, මෙම අතරතුරදී වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයේ යම් අපැහැදිලි බවක් නිරීක්ෂණය වූ අතර, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් අනුව අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය 09 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.එමෙන්ම ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශ මට්ටමින්ද අභ්‍යන්තර පරික්ෂණයක් ආරම්භ කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් ව තිබේ.

කාලීන පුවත්