‘මහජන හඬ’ දිලිත් හමුවට

‘මහජන හඬ’ දිලිත් හමුවට
විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ‘මහජන හඬ’ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (13) සර්වජන බලය ප්‍රධාන කාර්යාලයේදී සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා හමු වී තිබේ.රට තුළ අර්බුද රැසක් පැන නැගී ඇති මෙවන් කාලවකවානුවක විපක්ෂයේ නියෝජිතයින් එකට එක්වී වැඩ කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.ඊට අමතරව බලශක්ති අර්බුදය, මැදපෙරදිග යුද්ධය ඇතුළු තවත් මාතෘකා රැසක් ඔස්සේ මෙම සාකච්ඡාව සිදුකර තිබේ.සිය අනන්‍යතාවයන් රැකගනිමින් පොදු වැඩපිළිවෙළක් සඳහා විපක්ෂය එක්ව වැඩකිරීමේ අවශ්‍යතාව සනාථ කරමින් ලියවිල්ලක් මේ වනවිටත් සකස් කර ඇති බවත් ඉදිරියේදී අදාල සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගැනීමෙන් අනතුරුව පොදු සම්මුතියක් සකස් කිරීමට බලාපොරොත්තුවන බවත් ඊට එක්වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසා තිබේ.

කාලීන පුවත්