මහාචාර්‍ය මාලනී ඇඳගම දැයෙන් සමු ගනී

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇප කැප වූ මහාචාර්‍ය මාලනී ඇඳගම මහත්මිය අද ( 30) අභාවප්‍රාප්ත වූවා ය.1940 වසරේ උපන් ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 1973 වසරේ සිට ශ්‍රී ජයවර්ධනපුර ( එවක විද්‍යෝදය ) සරසවියේ ආචාර්ය පදවියට පිවිස දශක හතරකට වැඩිකාලයක් ආචාර්‍ය මහාචාර්‍ය තනතුරු වල නිරත වී තිබේ.පසුව 2005 වසරේ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්‍ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් ද තනතුර දරනු ලැබුවා ය..
අප රටේ යහපාලනය පවත්වාගැනීම සඳහා උචිතම ක්‍රමය වනුයේ ජනතා පාලන ක්‍රමයක් ගොඩනැගීම බවත් ඒ සඳහා දේශයේ ඉතිහාසය පුරාම පැවති ඒකීය ආණ්ඩුක්‍රමය’ සහ ‛ගම්සභා ක්‍රමය’ ඔස්සේ ජනතාව පරිපාලන කටයුතුවලට සම්බන්ධකර ගැනීම යළි පණගැන්විය යුතු බවත් මහාචාර්ය මාලනී ඇඳගම මහත්මියගේ විශ්වාසය විය.ඒ සඳහා කළ යුතු වන්නේ අවුරුදු 2500ක් පමණ තිස්සේ ක්‍රමික වර්ධනයක් ලබා අධිරාජ්‍යවාදී යුගයේදී පසුබෑමට ලක්වී, පසුව අපේම අදූර්දර්ශී පාලකයන් අතින් අභාවයට පත්වූ ගම්සභා ක්‍රමය කාලෝචිත පරිදි සකසා ප්‍රතිෂ්ඨාපනය කිරීම බව පැහැදිලි කිරීම අරමුණු කොට ඇය විසින් “ගම්සභා ග්‍රමයේ ඉතිහාසය” නමැති කෘතිය රචනා කොට ඇත. ඇගේ එම ප්‍රයත්නය සම්බන්ධයෙන් අදහස් පළ කරන ඇතැම් විද්වතකු පවසනුයේ ඇගේ එම ශාස්ත්‍රීය අනාවරණය මතු මේ රටේ ප්‍රායෝගික යථාර්ථයක් වන බවකි.

කාලීන පුවත්