මහින්ද ගේ විජේරාම නිල නිවස ගැන නලින්ද කතා කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ජා නොවූ බව. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි.නමුත් අදාළ අමාත්‍යංශයේ එවැන්නක් සාකච්ජා වූවාද යන්න සම්බන්ධව තමන් දැනුවත් නොමැති බව ද ඔහු පැවසීය.අමාත්‍ය වරයා අද ( 04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

කාලීන පුවත්