මහින්ද නිල නිවසින් ඉවත් කළොත් ඔහුට නිවාස සීයක් ලැබෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගතහොත් ඒ වෙනුවට ඔහුට ඔප්පු ද සමඟ නිවාස සියයක් ලබාදීමට විශාල පිරිසක් කැමැත්තෙන් පසුවන බව හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.ඒ අතර හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන වරප්‍රසාද අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත නීතියක් ලෙස සම්මත වූ වහාම, සිය පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට භාවිත කරන නිල නිවසින් ඉවත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද ප්‍රකාශ කර සිටී. මන්ත්‍රීවරයා අවධාරණය කළේ, මහින්ද රාජපක්ෂ මහතා එම නිල නිවසේ රැඳී සිටින්නේ බලහත්කාරයෙන් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙතෙක් ලබා දී තිබූ නීත්‍යානුකූල අයිතියකට අනුව බවයි.නව නීතිය සම්මත වූ පසු ඊට ගරු කරමින් කටයුතු කරන බව ඔහු පැවසීය.

කාලීන පුවත්