මහින්ද යළි කොළඹ පදිංචියට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි විජේරාම නිල නිවසේ සිට ඉවත් වීමත් සමඟම, ඔහුගේ සමීප මිතුරන් කිහිප දෙනෙක් ඔහුට පදිංචිය සඳහා නිවාස ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.මෙම පියවරට මූලික හේතුව වී ඇත්තේ, ඉදිරි දේශපාලන කටයුතු සාර්ථක කර ගැනීමට නම් ඔහු කොළඹ නගරයේම රැඳී සිටීම අවශ්‍ය බව තහවුරු වීමයි. ඒ අනුව ඉදිරියේදී හිටපු ජනාධිපතිවරයාට පදිංචිවීමට සුදුසුම නිවාසය කුමක්දැයි ආරක්ෂක උපදෙස් සහ තවත් කරුණු කිහිපයක් සලකා බලමින් තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.නිවසක් තෝරා ගැනීමේදී එහි ආරක්ෂක නිලධාරීන් සඳහා ප්‍රමාණවත් ඉඩකඩක් තිබීම සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන ආකාරයෙන් වාහන නැවැත්වීමේ පහසුකම් පැවතීම වැනි කරුණු ගැන වැඩි අවධානයක් යොමු කරනා ලෙස හිටපු ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව වාර්තා වේ.

කාලීන පුවත්