පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක මාධ්‍යවේදියෙකු වන තිළිණ රාජපක්ෂ මහතාට අසභ්‍ය වචනවලින් බැණ වැදී, පහර දී අමානුෂික සැලකීම්වලට භාජනය කිරීම තුළින් අලව්ව පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් එම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් පවත්වා සාක්ෂි තිබේ නම් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 22 දා නීතිපතිවරයාට නියෝග කළේ ය.මාධ්‍යවේදී තිළිණ රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.ඒ අනුව, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු එවකට අලව්ව පොලිසියේ සැරයන්වරුන් වශයෙන් සේවය කළ රවින්ද්‍ර කුමාර, බී.එම්.එස්.එස්. විජේබණ්ඩාර සහ පොලිස් කොස්තාපල් ජයසුන්දර යන නිලධාරීන් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් 25,000 බැගින් රුපියල් 75,000ක මුදලක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට ද තීන්දුවේ සඳහන් වේ.තමන් නෙත් එෆ්.එම්. ගුවන්විදුලි නාලිකාවේ මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කළ බව පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර තිබේ.