මාලිමාව පසුබෑමක: විපක්ෂය බලවත් පලාත් පාලන ආයතන වලට මොකද වෙන්නේ?

මේ වන විට නිකුත් ව ඇති පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව මෙවර ජාතික ජන බලවේගය සඳහා ඉකුත් මහ මැතිවරණයේ දී ලැබී තිබූ ඡන්ද සංඛ්‍යාවට හා 62% ඡන්ද ප්‍රතිශතයට අඩු ඡන්ද සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බව නිරීක්ෂණය වේ.ඇතැම් පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් ලබා ඇති ආසන ගණනට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් සෙසු පක්ෂ එකතුව ලබා ගෙන ඇති බව ද පෙනී යයි.ඒ අනුව, යම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතනයක බහුතර බලය ලබා ගත්ත ද, විපක්ෂයේ පිරිස් ඊට වඩා බලයක් ලබා ගතහොත් සිදුවන්නේ කුමක් දැයි සාමාන්‍ය ජනතාව අතර කතා බහක් ඇතිව තිබේ.ඒ අනුව පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක තේරී පත්වන සභික සංඛ්‍යාව 50%ක් හෝ ඊට වැඩි වුවහොත් අදාළ පක්ෂයට හෝ කණ්ඩායමට සභාපති සහ උප සභාපති නම් කර එවන ලෙස මැතිවරණ කොමිසම දන්වනු ලබයි.එමෙන්ම එහෙත් එසේ යම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතනයක බහුතර බලය ලබා බලයක් ලබා නොගතහොත් එම සභාපති හෝ නගරාධිපති පත් කර ගැනීම අදාළ පළාත් පාලන ආයතනයේ සභිකයන්ගේ එකඟතාව මත සිදු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා පවසා තිබේ.

කාලීන පුවත්