මාලිමා ආණ්ඩුව CID ය තමන්ගෙ නිවසේ කුස්සිය බවට පත්කරගෙන

මාලිමා ආණ්ඩුව CID ය තම නිවසේ කුස්සිය බවට පත්කර ගෙන දේශපාලන දඩයමක් ආරම්භ කර ඇතිි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා පැවසීය.
රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් නීති විරෝධීව එක්ලස් කර සකස් කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබූ නඩුවකට අද (16) අධිකරණයේ පෙනී සිට ඇප ලබා ගැනීමෙන් අනතුරුව එළියට පැමිණ මාධ්‍යයට අදහස් දක්වමින් සුජීව සේනසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
” ටොයෝටා කොම්පැනියෙන් ගත්ත ලෑන්ඩ් කෲෂර් රථය මම අධිකරණයට ඉදිරිපත් කළා. එහි අනීතික දෙයක් නැති බව පවසමින් වාහනය අධිකරණය මගින් නිදහස් කර මට භාර දුන්නා ඊට පසුව CID ය නැවත අධිකරණයට ඉදිරිපත්ව එම වාහනයේ වහලය රෙපයාර් කළ බව කියනවා.මේක හරි පුදුම වැඩක් මම හිතන්නේ වාහනයක් රෙපයාර් කළාට දාන පළමු කේස් එක මේක වෙන්න ඇති. දැන් මේක මාස අටක් ඇදගෙන යනවා. ඒවෙනුවෙන් CID ය ලක්ෂ 1000 ට වඩා වැඩි මුදලක් වියදම් කරලා ඇති.මේ ආණ්ඩුව බලයට ආවේ ජනතා මුදල් විනාශ කරන්නේ නැහැ කියලා නමුත් කරපු දෙයක් නැහැ. මේ ආණ්ඩුව ඉතා පහත්විදිහට CID ය තමන්ගේ ගෙදර කුස්සිය පවට පත් කරගනිමින් විරුද්ධවාදීන් දඩයම් කරගෙන යෑමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා මේ අයට මේක දිගින් දිගටම කරගෙන යන්න බැහැ. ” යැයි සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

කාලීන පුවත්