ආරක්ෂිත ආහාර සංචිතයක් ලෙස වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමට ආණ්ඩුව රුපියල් කෝටි 500ක් වෙන්කර වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 70ක් ප්‍රතිසංස්කරණය කළ මුත් පසුගිය මාස් කන්නයේදී වී අලෙවි මණ්ඩලයට මිලට ගැනීමට හැකිව ඇත්තේ වී කිලෝග්‍රෑම් පනස් තුන්දහස් පන්සිය හතළිස් තුනක් (53543ක්) පමණක් මිලදී බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
වගාවට පොහොර, ජලය, ඉඩම් සපයන නිසා අනිවාර්යයෙන්ම මණ්ඩලයට යම් ප්‍රමාණයක් හෝ වී සැපයීම ගොවීන්ගේ වගකීම බව පැවසූ ඇතැම් ඇමැතිවරුන් අවධාරණය කළ පසුබිමක කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත මහතා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ගොවීන් මණ්ඩලයට වී ඇටයක්වත් විකිණීමට ගොවීන්ඉදිරිපත් නොවීම විශේෂත්වයක් බව ද සභාපතිවරයා පැවැසීය.ගොවි අරගල නායකයෙකු වූ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා නියෝජනය කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් 06 දෙනකු වි කිලෝ 4514 ක් මණ්ඩලයට විකුණා තිබෙන බවත් වෙළෙඳ,ආහාර සුරක්ෂිතතා සහ වාණිජ සමුපකාර ඇමැති වසන්ත සමරසිංහ මහතා නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් තිදෙනෙකු වී කිලෝ 2661 ක් මණ්ඩලයට අලෙවි කර ඇත බවත් පැවැසීය.ටී. බී. සරත් නියෝජ්‍ය ඇමැතිවරයා නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 08 ක් වී කිලෝ 9727 ක් මණ්ඩලයට විකුණා තිබෙන බවත් පැවසූ අනුරාධ තෙන්නකෝන් මහතා මාස් කන්නයේ වී මිලදී ගැනීමේදී ආණ්ඩුව අසමත් වූ බවත්, පෞද්ගලික අංශය ඉහළ මිලක් ගෙවා තොග රැස් කරගෙන සිටින බවත් කීය.