මැඩගස්කර ජනාධිපති පලා යයි;පාලනය හමුදාව අතට

මැඩගස්කරයේ තරුණයින් ප්‍රමුඛ පිරිසක් විසින් දියත් කළ විරෝධතා හමුවේ මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා පලා ගොස් ඇති අතර මැඩගස්කර හමුදාව විසින් එරට පාලනය අත්පත්කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.මෙම විරෝධතා සඳහා විරෝධතාකරුවන්ට මැඩගස්කරයේ ආරක්ෂක හමුදාවල ද සහාය ලැබුණු බව වාර්තා වෙයි.මේ අතර මැඩගස්කරයෙන් පලාගිය ජනාධිපතිවරයාට ධුරයෙන් පහකිරීම සඳහා මින් පෙර දෝෂාභියෝගයක් ගෙන ඒමටද මැඩගස්කරයේ පාර්ලිමේන්තුව විසින් කටයුතු කර තිබුණි.කෙසේ වෙතත් මැඩගස්කරයේ ජනාධිපතිවරයා පවසා තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා ඇති පසුබික දෝෂාභියෝගය ගෙන ඒම ව්‍යවස්ථා විරෝධී බවය.

කාලීන පුවත්