මැදපෙරදිග යුද්ධය මත ගෑස් මිල තවත් ඉහළට?

මැදපෙරදිග කලාප​යේ ඇති වී තිබෙන යුදමය වාතාවරණය තවදුරටත් ඉහළ නැංවුණහොත් මෙරට ගෑස් මිල ගණන් තවදුරටත් ඉහළ දැමීමට සිදුවන බව ගෑස් සමාගම් දෙකෙහි ඉහළ නිලධාරීහු කියා සිටිති. ඒ ලිට්‍රෝ ගෑස් මිල ගණන් ඉහළ දැමීමට ගත් පියවරට අනුව ඊයේ (11) මාධ්‍යම රාතියේ සිට ලාෆ් මිල ගණන් ද සංශෝධනයකට ලක් කළ පසුබිමක ය.මේ වන විට ලෝකයේ රටවල් කිහිපයකම ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙන අතර පාකිස්ථානය එරට පාසල් සති දෙකකට වසා දමා කාර්යාල සේවා කටයුතු නිවසේ සිට කිරීමට දැනටමත් තීන්දුවක් ගෙන ඇතැයිද ඔවුහු පවසති.මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය මත ඉන්ධන හා ගෑස් මිල ගණන් නිතරම උච්චාවචනය වන බවත් මැදපෙරදිග ප්‍රදේශයෙන් ලැබෙන තෙල් හා ගෑස් සැපයුම අඩාළවීම නිසා ලෝක වෙළෙඳපොළ තත්ත්වයන්ට එය තදබල ලෙස බලපෑම් එල්ල කරන බවද ඔවුහු කියා සිටිති.

කාලීන පුවත්