කතෝලික සභාවේ කොළඹ අග රදගුරු පදවියේ සහාය වතු පාලක මිලන් ප්‍රියදර්ශන පියතුමාට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.ඒ, ඔවුන් ඊයේ (25) ගම්පහ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙකි. එම පහර කෑමට ලක් වූ පියතුමා මීගමුව රෝහලට ඇතුළු කොට ඇති අතර “උඹලයි සිවුරු කාරයොයි තමයි මේ රට කන්නේ”යනුවෙන් පවසමින් එම පිරිස තමන්ට පහර දුන් බව පියතුමා ප්‍රකාශ කොට තිබේ.