මිහින්තලේ, සීප්පුකුලම අඹගහවෙල ප්රදේශයේදී වන අලියකුට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර මෙම ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් සොයා පොලිසිය සහ වනජීවී නිලධාරින් තවදුරටත් විමර්ශන ක්රියාත්මක කර තිබේ.වෙඩි වැදී තුවාල ලබා දැඩි ලෙස රෝගාතුර වී ගෙවත්තක වැටී සිටියදී කිසියම් පිරිසක් විසින් මෙම වන අලියාට පන්දම් වලින් ගිනි තබා ඇති බව අනාවරණය වී තිබේ.මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම අලියාට වෙඩි වැදීම නිසා පාදයකට සහ ඇසකට තුවාල සිදුවී තිබූ වනජීවී නිලධාරීහු පවසති.