ලබන ජුනි මාසයේදී සිදු කෙරෙනු ඇතැයි පැවසෙන මීළඟ විදුලි ගාස්තු සංශෝධනය සිදු කරන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ( IMF ) පස් වන ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත ලබාදීම ප්‍රමාද වනු ඇති බව පැවසෙයි.ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමග එකඟ වී ඇති පිරිවැය ආවරණය කෙරෙන මිල ක්‍රමය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රමාද වී ඇති අතර මෙය ශ්‍රී ලංකා රජයේ ප්‍රමාදයක් මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමාදයක් නොවන බව ද වැඩිදුරටත් වාර්තා වේ.මෙම ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගිය දා අනතුරු හඟවා තිබිණ.